ලබන ඔක්තෝම්බර් මාසය වන විට රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය විසඳන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි.