― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසිරිපා කරුණාවට යන අයට විශේෂ දැනුම්දීමක්

සිරිපා කරුණාවට යන අයට විශේෂ දැනුම්දීමක්

මේ දිනවල රාත්‍රී කාලයේ හා අලුයම් කාලයේ පවතින අධික ශීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් සීතලට ඔරොත්තු දෙන උණුසුම් ඇඳුම් හා අත් ආවරණ පැළද පැමිණෙන ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ වෛද්‍ය කඳවුරු ප්‍රධානි වෛද්‍ය සජිත් මංජුල බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සීත ගඟුලෙන් දිය නෑම ඉතාමත් පරිස්සමෙන් සිදු කළ යුතු බවත් දිය නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිසුන් වු රෝගීන් කීපදෙනෙකුම ප්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථානවලට ඇතුලත් කොට ඇති බවත්ය.

එමෙන්ම ඇදුම, හතිය, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අපස්මාරය, හෘදයාබාධ ඇති පුද්ගලයින් සෑම විටම තමන් ලබා ගන්නා ඖෂධ රැගෙන එන ලෙසත් බොහෝ පිරිසක් ඒවා අමතක කොට පැමිණෙන බවත් එවැනි පිරිස් දැඩි සීතල තත්ත්වය හමුවේ සිරිපා කරුණා කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටින්නේ.

හැටන් මාර්ගයෙන් ශ්‍රී පාදය වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට වෛද්‍යාධාර හෝ ප්‍රථමාධාර සහායක් අවශ්‍ය වන්නේ නම් නල්ලතන්නිය පොලීසිය ඉදිරිපිට ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව පවතිනවා.

සිරිපා කරුණා කිරීමේදී හදිසියේ ක්ලාන්ත තත්ත්වයක් ඇති වූ විගස බිම වාඩි විය යුතු බවත්, එසේ නොමැති නම් බිම දිගා වී අන් අයගෙන් සහාය ඉල්ලා සිටින ලෙසත් එසේ නොමැතිව එම තත්ත්වයන් ඉවසාගෙන දිගින් දිගටම ගල්පඩි නගිමින් වන්දනාවේ නොයෙදෙන ලෙසත් වෛද්‍යවරයා වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.