27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරු කොරියාව දිය යට න්‍යෂ්ටික අවි අත්හදා බලයි

උතුරු කොරියාව දිය යට න්‍යෂ්ටික අවි අත්හදා බලයි

උතුරු කොරියාව ජලය අභ්‍යන්තරයේ න්‍යෂ්ටික අවි පද්ධතියේ අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය මේ සතියේ කළ අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව මෙම අත්හදා බැලීමේ නිරත වී ඇති බවයි.

මෙම න්‍යෂ්ටික ඩ්‍රෝන යානා අත්හදා බැලීම නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ දී සිදු කර ඇති අතර මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් මෙතෙක් වෙනත් සාක්ෂි ලැබී නොමැති බවත් ඩ්‍රෝන යානාවල හැකියාව පිළිබඳ උතුරු කොරියාවේ විස්තර අතිශයෝක්තියක් පමණක් බවටයි දකුණු කොරියාව මීට පෙර පවසා තිබුණා.

දිය යට අවි අත්හදා බැලීමක් සිදු කිරීම සඳහා වොෂින්ටනය, සෝල් සහ ටෝකියෝ ඒකාබද්ධ අභ්‍යාස මගින් තමන් කුපිත කර ඇති බවයි උතුරු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය පවසන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික බැලස්ටික් මිසයිලවල බහුවිධ අත්හදා බැලීම් සහ නව ආයුධ දියත් කිරීම ඇතුළුව මිලිටරි ක්‍රියා වැළැක්වීමේ ප්‍රතිචාරයක් ලෙස ඔවුන් පසුගිය වසර තුළ තවත් අභ්‍යාස සිදු කර ඇති බවයි.

නමුත් උතුරු කොරියා නායකයා කියා සිටියේ අර්ධද්වීපයේ ඕනෑම වේලාවක ඇති විය හැකි යුද්ධයට සූදානම් වීම සඳහා තම පාලන තන්ත්‍රය හමුදා ශක්තිමත් කරන බවයි.

මෙම ආයුධ හෝ ඒවායේ කාර්ය සාධනය ගැන එතරම් තොරතුරු ලැබී නොමැති වුව ද උතුරු කොරියානු මාධ්‍ය විස්තර කර ඇත්තේ එමගින් සතුරු මුහුදට ගොස් දිය යට විශාල පිපිරීම් ඇති කළ හැකි බවයි.