27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිද්‍යුත් හැඳුනුම්පත ගැන දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත ගැන දැනුම්දීමක්

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාදීමට අදාළව පුරවැසියන්ගේ ජීව දත්ත ලබා ගැනීම ලබන ජුනි මාසය ඇතුළත සිදු කිරීමට නියමිත බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙන අතර එයට අදාළ යටිතල පහසුකම් මේ වන විට සකස් කරමින් සිටින බවයි එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

එළඹෙන ජුනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජීව දත්ත, ඇඟිලි සලකුණු සහ Facial recognition වලට අදාළ දත්ත එකතු කිරීම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ කිරීමට නියමිතය.