― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපිළිකාව හේතුවෙන් සිදුවන මරණවල ඉහළ යාමක්

පිළිකාව හේතුවෙන් සිදුවන මරණවල ඉහළ යාමක්

2030 වනවිට හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අභිබවා පිළිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 80ක වියදමින් ඉදිකළ ‘අපේක්ෂා පියස’ පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවා සදහා විවෘත කර තිබෙනවා.

පිළිකා රෝගීන් අඩු කීරීම සදහා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම මෙන්ම රෝග නිවාරණ අංශය ශක්තිමත් කිරීම ඉතා වැදගත් වන බවයි එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ.

කල් ඇතිව රෝගීන් හදුනා ගැනීම, වළක්වා ගැනීම, ආහාර රටාවන් වෙනස් කිරීම, ව්‍යායාමවල යෙදිම වශයෙන් රෝග නිවාරණ අංශයේ වැඩපිළිවෙල රාශියක් තිබිය යූතු බවත් ඒ සදහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතු බවත් විධ්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

දැනට සිදුවන මරණ අතරින් වැඩිපුර මරණ සිදු වන්නේ හෘද රෝග හේතුවෙන් බවත් 2030 වසර වනවිට හෘද රෝග අභිබවා පිළිකා රෝග නිසා සිදුවන මරණ වැඩි වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.