― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබොරැල්ලේ වැසිකිළියක් අසළින් ජීව උණ්ඩ හමුවෙයි

බොරැල්ලේ වැසිකිළියක් අසළින් ජීව උණ්ඩ හමුවෙයි

බොරැල්ල – සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණය අසළ තිබී ජීව උණ්ඩ 15 ක් හමු වී තිබෙනවා.

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ වැසිකිලි පද්ධතිය අසළ වල දමා තිබියදී ගිනිඅවි වර්ග දෙකකට යොදන ජීව උණ්ඩ 15 හමු වූ බවයි බොරැල්ල පොලිසිය පවසන්නේ.

ටී 56 ගිනි අවිවලට හා එම් 16 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ තොගයක් එලෙස හමු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ බොරැල්ල පොලිස් වසමේ 330/ ඊ 1/04 සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු කොළඹ නගර සභා සේවකයින් සමඟ එම නිවාස සංකීර්ණයට අයත් වැසිකිලි පද්ධතිය පිරිසිදු කිරීමේදී මෙම ජීව උණ්ඩ තොගය හමුවී ඇති බවයි.

එම උණ්ඩ තොගය කලකට ඉහතදී කිසියම් පුද්ගලයෙකු වළ දමන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.