― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමෙරට දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබා දී අවසන්

මෙරට දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබා දී අවසන්

මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරටින් සරම්ප රෝගය තුරන් කර තිබූ නමුත්, පසුගිය සමයේ එම රෝගය යළි හිස ඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ ආකාරයේ එන්නත් වැඩසටහනක් ආරම්භ කළ බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

මෙම වසරේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන කටයුතු ශක්තිමත් කිරීමයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම තුළින් රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට ද බලාපොරොත්තු ‍වෙනවා.ශ්‍රී ලංකාව බෝ නොවන රෝග සම්බන්ධයෙන් විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. මෙරට ජනගහනයෙන් 20% වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. දකුණු ආසියානු කලාපයේ අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගෙන් අධික රුධිර පීඩනය වැඩිම රට ලෙස ද ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. අධික රුධිර පීඩනයට අදාළ සංකූලතා ලෙස හෘද රෝග, ආඝාතය ඇතුළු රෝග රැසක් හඳුන්වන්න පුළුවන්. එමෙන්ම වේගයෙන්ම වයස්ගත වන ජනගහනයක් සිටින රටක් නිසාත් මතක ශක්තිය දුර්වල වීම, අක්ෂි රෝග, අස්ථි රෝග ඇතුළු රෝග තත්ත්වයන් රැසක් වර්ධනය වෙමින් තිබෙනවා.

එබැවින් බෝ නොවන රෝග පිළබඳව අවධානය යොමු කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ වගේම සීග්‍රයෙන් පැතිර යමින් පවතින ඩෙංගු රෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර එය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලින් සහයෝගය ලබුණ ද ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන සහාය මීට වඩා අපේක්ෂා කරනවා.තව ද මේ වන විට වැඩිවෙමින් පවතින සරම්ප රෝගය අඩු කිරීම සදහා විශේෂ වැඩසටහන් කිහිපයක් අප විසින් සංවිධානය කර තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ දරුවන්ගෙන් 91% කට එන්තත් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ඒ මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිසඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ නිසයි. ඒ වගේම පවතින ඖෂධ හිඟය මඟහැරවීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් මේ වන විට රටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එසේම පැවති ඖෂධ හිඟය ක්‍රමානුකූලව අවම වෙමින් පවතින බව කිව යුතුයි. ඉදිරියේ දී වෛද්‍ය සැපයුම් අංශයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට මාර්ගගත ක්‍රමවේදය යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා. ඒ සඳහා මොරටුව සහ කොළඹ යන විශ්ව විද්‍යාලවල පරිගණක අංශ සමඟ දැනටමත් අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා.”