27.2 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදින 20කදී ඩෙංගු මරණ 03ක්

දින 20කදී ඩෙංගු මරණ 03ක්

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම මරණ තුන වාර්තා වී ඇත්තේ මේ වසරේ ගත වූ පළමු දින 20 තුළ වීම විශේෂත්වයකි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,602කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,536ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 637ක් බැගින් වාර්තා වී තිබෙනවා.