― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාල කැලේ වැටලීමකින් ගංජා කිලෝ 220ක් අල්ලයි

යාල කැලේ වැටලීමකින් ගංජා කිලෝ 220ක් අල්ලයි

යාල ජාතික වනෝද්‍යානයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු වියලි ගංජා කිලෝග්‍රෑම් 220ක් සොයාගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් බුද්ධි තොරතුරක් අනුවයි බුත්තල, ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් විමර්ශන සිදුකරනු ලබනවා.