― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපොලී අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්

පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ (22) පැවති රැස්වීමේදී, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SDFR) දැනට පවතින මට්ටම්වල පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පොළී අනුපතිකයන් පිළිවෙලින් 9% සහ 10% යන අගයන්වල පවතිනවා.

මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් අනතුරුව ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබෙනවා.