27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරන්ජන් වරප්‍රසාද කමිටුවට කැඳවන්නැයි ඉල්ලයි

රන්ජන් වරප්‍රසාද කමිටුවට කැඳවන්නැයි ඉල්ලයි

රන්ජන් ජයලාල් වහාම වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් අද (23) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තුවේ රුපියල් කෝටි හතක විදුලි බිල ගෙවා නොමැති බවට ඔහු සිදු කළ අසත්‍ය ප්‍රකාශය හේතුවෙනුයි මෙලෙස වරප්‍රසාද කමිටුවට කැඳහ්වන්නැයි ඉල්ලා ඇත්තේ.

පාර්ලිමේන්තුවේ රුපියල් කෝටි හතක විදුලි බිල ගෙවලා නැහැ කියලා අද පුවත්පත්වල පළ කර තිබෙනවා. එම ප්‍රකාශය කරලා තියෙන්නේ රන්ජන් ජයලාල්. එය අසත්‍යයයි. මම හොයලා බැලුවා. පාර්ලිමේන්තුවේ විදුලිබිල මාසිකව ගෙවලා තියෙනවා. හිඟයක් නැහැ. එම ප්‍රකාශය පාර්ලිමේන්තුවට අගෞරවයක්. ඒ අසත්‍ය ප්‍රකාශය කළ රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න.