30.6 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාරම්මල වෙඩි තැබීමට අදාළ SI යළි රිමාන්ඩ්

නාරම්මල වෙඩි තැබීමට අදාළ SI යළි රිමාන්ඩ්

පසුගිය 18 වැනිදා නාරම්මල ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ උප පොලිස් පරීක්ෂකවරයා ලබන ජනවාරි 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

පසුගිය 18 වැනිදා නාරම්මල – දම්පැලැස්ස වළංකඩේ ප්‍රදේශයේදී සිදු වූ මෙම වෙඩිතැබීමෙන් 41 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් විය.

සිද්ධියෙන් මියගියේ මහරච්චිමුල්ල – වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එහිදී එම වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරවයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.