― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපනත් කෙටුම්පත් 04කට කථානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් 04කට කථානායකගේ සහතිකය

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

ඇටෝර්නි බලතල (සංශෝධන), වංචා වැළක්වීමේ (සංශෝධන), සමථ මණ්ඩල (සංශෝධන) සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාල යන පනත් කෙටුම්පත්වලටයි කථානායකවරයා මෙලෙස සිය සහතිකය සටහන් කර ඇත්තේ.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 01 දරන ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාල පනත, 2024 අංක 02 දරන සමථ මණ්ඩල (සංශෝධන) පනත, 2024 අංක 03 දරන ඇටෝර්නි බලතල (සංශෝධන) පනත සහ 2024 අංක 04 දරන වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත ලෙස ඊයේ (23) සිට බලාත්මක වනු ඇති.