― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමේ රට ගොඩදැම්මේ ජනපති රනිල් - නිමල්

මේ රට ගොඩදැම්මේ ජනපති රනිල් – නිමල්

රනිල් වික්‍රමසිංහට ජනපති ධුරය බාරගන්න යැයි කිව්වේ තමන් බවත් දුෂ්කර කාල පරිජ්‌චේදයක පැති මේ රට ගොඩදැම්මේ එතුමා බවත් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැලිමඩ – ඌව පරණගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අළුතින් ඉදිකිරීමට වැඩ ආරම්භ කිරීම හා ඌවපරණගම හගුන්නෑව පාලම අළුතින් ඉදිකර ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදී අදහස් දක්වමිනි.

මම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනධිපතිකම ගන්න කියලා කීවේ. එතුමාව අපි ඉහළින්ම ඔසවා තැබුවා. මම හදවතට එකඟව කියනවා කුහක වෙන්න හොද නෑ. අපිට තිබුන දුෂ්කර කාල පරිච්ඡේදයකින් ගොඩදැම්මේ එතුමා. ඉදිරියේදී මැතිවරණයෙන් නායකයෙකු තෝරද්දී කොන්ද පණ තියෙන, ශක්තිමත් අභියෝග භාරගන්න පුළුවන්, සුරංගනා කතා නොකරන, යථාර්තවාදී නායකයෙකු තොරාගත යුතුයි.

මැතිවරණය තාම නෑ. මුහුද හත් ගවුවක් තිබියදී අපි අමුඩ ගහලා වැඩක් නෑ. මැතිවරණයක් ආපුවාම බහුතර ජනතාවගේ කැමැත්ත සොයා බලලා ඒ මතයත් එක්කම මේ රට රැකගන්න පුළුවන් රට ගිනි නොතියන අයෙකුට අපි උදව් කරනවා. අපි උතුරේ තිබුණු එල්.ටී ටී එකටත් එදා විරුද්ධ වුනා වගේම දකුණේ තියෙන ත්‍රස්ත්‍රාවාදයටත් විරුද්ධයි. අද බැටළු හම් පොරවාගෙන ආවට වෘකයන් කවුද කියලා මේ රටේ ජනතාව දන්නවා. අද පෝස්ටර් ගහගෙන දීර්ඝ කතා කියන අයට එදා මේ රටේ නායකත්වය බාරගන්න කීවා කවුරුත් බාරගත්‍තේ නෑ. ඒ වගකීම අභියෝග හමුවේ බාරගත්ත ජනපතිතුමා ජනප්‍රිය තීන්දු නොව රටට අවශ්‍ය තීන්දු ගත්ත නිසායි අද රට මේ තත්ව‍යෙන් තියෙන්නේ. එතුමාට අපි ස්තූති කළ යුතුයි.

මම ප්‍රායෝගික දේශපාලකයෙකු වශයෙන් කවදාවත් බෝඩ් උස්සාගෙන පාරට බැහැලා නෑ. බදුල්ලේ ජනතාව වෙනුවෙන් හැමදාම හරි තීන්දු ගත්තා. මෙවරත් ආණ්ඩුවට එකතු වී සහයෝගය දුන්න නිසා තමයි
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨය, බදුල්ල මහනුවර රජ මාවත, බදුල්ල ශික්ෂණ රෝහලක් බවට පත් කර සියලුම පහසුකම් ලබාගැනීමට මට පුළුවන් වුනේ”