― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsඋතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයේ සහය

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයේ සහය

බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන (GGP) වැඩසටහන යටතේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ජපානයේ සහය ලැබී ඇති බව ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

ඒ සඳහා වන ව්‍යාපෘතියේ ආධාර ප්‍රදාන කොන්ත්‍රාත්තුවට, ජපන් තානාපති මිසුකොෂි හිදයකි මහතා සහ සමාජ සංහිඳියාව සඳහා ඩෙල්වොන් සහය, ඩෑෂ් (DASH) ආයතනයේ වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි ඊයේ (23) අත්සන් තබා තිබෙනවා.

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය කටයුතු සඳහා ජපන් රජය විසින් ඩෑෂ් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 364,963 (රුපියල් මිලියන 116) ලබා දී තිබෙනවා.