― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් යළි රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් යළි රිමාන්ඩ්

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ආනයන සිද්ධියට චෝදනා එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 7 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලබන පෙබරවාරි මස 1 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම නියෝගය ලබාදී තිබෙනවා.