24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබීඩි කොළ කිලෝ 520ක් කල්පිටි වෙරළෙන් අල්ලයි

බීඩි කොළ කිලෝ 520ක් කල්පිටි වෙරළෙන් අල්ලයි

කල්පිටිය මුහුදු තීරයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 520කට අධික තොගයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (23) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ මෙම බීඩි කොළ තොගය හමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රාවක් ඊයේ (23) කල්පිටිය, මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර 16ක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කෙරිණි.

එහිදී එම උර තුළ අසුරන ලද බීඩි කොළ කිලෝ 520යි ග්‍රෑම් 760ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.