27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 930ක් අත්අඩංගුවට

යුක්තියෙන් සැකකරුවන් 930ක් අත්අඩංගුවට

ඊයේ (23) දිනයේදී දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 930 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 664ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 266 ක් ඒ අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් 425g, අයිස් 235g, ගංජා 06kg, ගංජා පැල 29,197ක්, මාවා 611g, ඈෂ් 46g, මදන මෝදක 408g, තූල් 163g, මත්පෙති 4351ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 664 දෙනා අතරින් සැකකරුවන් 08 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 01 ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 17 ක්ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 266 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 41 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 207 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඬ්හ්නාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 15 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.