27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාවික හමුදා සෙබළාගේ උදලු පහරින් නැන්දම්මා ජීවිතක්ෂයට

නාවික හමුදා සෙබළාගේ උදලු පහරින් නැන්දම්මා ජීවිතක්ෂයට

නාවික හමුදාවේ සේවය කරන බෑනා විසින් තම නැන්දම්මාට උදැල්ලකින් පහර දීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ අනුරාධපුර – වාහල්කඩ ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රීයේ සිය බිරිඳගේ මවට උදැල්ලකින් පහර දී ඝාතනය කළ සැකකාර නාවික හමුදා සෙබළා අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

උදලු පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 54 හැවිරිදි කාන්තාවකි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම නාවික හමුදා සෙබළාගේ බිරිඳ සැකකරු සමඟ අමනාප වී මීට මාස කිහිපයකට පෙර ඇගේ මවගේ නිවසට පැමිණ ජීවත් වී ඇති බවයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ සැකකාර නාවික හමුදා සෙබළා මවගේ නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.