― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමැතිසබේ පුටුවක් හිස් බව මැකෝට දන්වයි

මැතිසබේ පුටුවක් හිස් බව මැකෝට දන්වයි

සනත් නිශාන්තගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

පුත්තලම මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ මිය යාම හේතුකොට ගෙන 2024 ජනවාරි 25 වැනිදා සිට නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන්, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවට මෙම දැනුම් දීම සිදුකරන බවද එම ලිපිය මගින් නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.