― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවැඩිමිලට බෙහෙත් වික්ක පෞද්ගලික රෝහලකට දඩ

වැඩිමිලට බෙහෙත් වික්ක පෞද්ගලික රෝහලකට දඩ

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂ මණ්ඩලයයට රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

සිය මවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අදාළ පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලබාදුන් ඖෂධ 11කට නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ පදිංචි පුද්ගලයෙක් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පවරා තිබූ නඩුවට අදාළව පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කූර් නාන්ද් තදානි, කරුණාමුණි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දිය ලොකුගේ, හැරිස් ප්‍රේමරත්න, අජිත් කරුණාරත්න, බී.ඩී. සඳතිසරු සහ අදාළ පෞද්ගලික රෝහල නම් කර තිබිණි. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා ඇතුළු 7 දෙනෙකු නම් කර තිබෙනවා.

මෙම නඩුව සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පෞද්ගලික රෝහල විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන ලද ඖෂධවලට අදාළ බිල්පත් සහ වෛද්‍ය වාර්තා පිළිබඳවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නඩු පවරන අවස්ථාවේදී අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

මෙම නඩුව 2023 දෙසැම්බර් 15 වැනිදා මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් සලකා බැලූ අතර එම පෞද්ගලික රෝහලට සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුදෙනාම, 2024 ජනවාරි 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කළාය.