25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙලිඅත්තේ සිද්ධියට තවත් දෙදෙනෙක් අල්ලයි

බෙලිඅත්තේ සිද්ධියට තවත් දෙදෙනෙක් අල්ලයි

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේයි.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු බෙලිඅත්ත ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූයේ පසුගිය 22 වැනිදායි.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා පුළුල් විමර්ශන සිදු කෙරෙනවා. ඒ අනුව ඝාතනයේ සැලසුම්කරු සහ අදාළ ජීප් රථය පැදවූ සැකකරු පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ පුළුල් විමර්ශනවලට අනුවයි ඊයේ රාත්‍රියේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන්නේ.

ගාල්ල වංචාවල ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමඟයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් සහ 35ක් වන පුද්ගලයින් දෙදෙනෙකු බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.