32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිංහල බෙහෙත් අලෙවි කරන මුවාවෙන් මත්ගුලි විකුණලා

සිංහල බෙහෙත් අලෙවි කරන මුවාවෙන් මත්ගුලි විකුණලා

පානදුර ප්‍රධාන පාසලක් ආසන්නයේ සිංහල බෙහෙත් බඩු අලෙවි කරන මුවාවෙන් මත්ගුලි අලෙවි කළ වෙළෙඳසැලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරොන්තුඩුව පොලිසිය පැවසුවේ පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රදේශයේ දෙමව්පියන්ගෙන් මොරොන්තුඩුව බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත පානදුර ප්‍රධාන පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන සිංහල බෙහෙත් බඩු අලෙවිසැල වටලා පරීක්ෂා කිරීමේදී 25 බැගින් අඩංගු පැකට් 64ක තිබූ මත්ගුලි 1600ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ගුලි ඇඹිලිපිටිය ප්‍රදේශයේ සහ කඳාන ප්‍රදේශයේ නිෂ්පාදනය කර බෙදාහැර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පානදුර නගරයේ ඇති පාසල් සිසුන් මෙම මත්ගුලි මිලදී ගැනීමට දැඩි රුචිකත්වයක් දක්වන බවට තොරතුරු ලැබී ඇති අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.