28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කැපෙයි

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කැපෙයි

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපා දමා තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්‍යමණ්ඩලය මෙන්ම දුම්රිය භාවිතා කරන මගී ජනතාවද මහත් අපහාසුතාවයට පත්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි බිල රුපියල් 877,741.90 ක් සඳහා චෙක් අංක 321865 දරණ චෙක් පත ඊයේ (25) දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතත් මේ දක්වා තවමත් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය නොමැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු සිදු නොවන අතර ඉටිපන්දම් භාවිතයෙන් මහත් පරිශ්‍රමයක් දරා එම දුම්රිය ස්ථානයේ කටයුතු සිදු‍ර තිබෙනවා.