― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsයුක්තියෙන් අපරාධකරුවන් 836ක් අල්ලයි

යුක්තියෙන් අපරාධකරුවන් 836ක් අල්ලයි

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 836ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 579ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 257ක් ඊට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 579 දෙනා අතරින් සැකකරුවන් 06කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු එක් පුද්ගලයෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 18ක් ද ඒ අතර වනවා. එසේම අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 257දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 26ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 219 ක්ද සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03ක් සහ අපරාධවලට අවශ්‍යකර සිටි සැකකරුවන් 09ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 142ක්, අයිස් ග්‍රෑම් 95ක්, ගංජා කිලෝ 01යි ග්‍රෑම් 400ක්, ගංජා පැල 826,847ක්, ඈෂ් ග්‍රෑම් 105ක්, මාවා ග්‍රෑම් 93ක් සහ මත්පෙති 1,650ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.