23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsප්‍රංශ ජනපති චීනයේ සංචාරයක

ප්‍රංශ ජනපති චීනයේ සංචාරයක

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් චීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

පසුගියදා ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස, නවදිල්ලියේ පැවැත්වුණු ජනරජ දින සැමරුම් උළෙලට සහභාගී වීමෙන් අනතුරුවයි ප්‍රංශ ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වී ඇත්තේ.

ප්‍රංශ – චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 60 ක් පිරීම නිමිත්තෙන් මෙලෙස ප්‍රංශ ජනාධිපතිවරයා චීන සංචාරයක නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනයේ බීජිං අගනුවරට ආ ප්‍රංශ ජනාධිපති මැක්රොන් චීන ජනාධිපති ෂී ජින්පින් විසින් උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ චීනය හා ප්‍රංශය අතර නව වෙළෙඳ ගිවිසුම් කීපයකට ද රාජ්‍ය නායකයෝ දෙදෙනා අත්සන් කර ඇති බවයි.