― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ‘රොෂාන් මේනක රණසිංහ’ නැමැත්තා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකරු අද (29) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙහිදී මෙම පුද්ගලයා පැවිදිව සිටි ශ්‍රී ලංකා රාමඤඤා නිකාය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ දී සඳහන් කළේ සැකකරුගේ උපසම්පදාව මේ වන විටත් අහෝසි කර ඇති බවයි.

ඒ අනුව සැකකරු තවදුරටත් හිමිනමක් ලෙස නොසලකන ලෙසයි නීතිඥවරයා අධිකරණයට පවසා සිටියේ. මෙහිදී මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුගේ ඇප අවලංගු කළේ නැහැ.

ඒ අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව එළඹෙන පෙබරවාරි 02 වැනිදා දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.