― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsනීතිවිරෝධීව ගේන බීඩි කොළ නිසා බිලියන 04ක පාඩුවක්

නීතිවිරෝධීව ගේන බීඩි කොළ නිසා බිලියන 04ක පාඩුවක්

නීතිවිරෝධී ලෙස බීඩි කොළ මෙරටට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමි වන රුපියල් බිලියන 04ක පමණ මුදල අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බීඩි නිෂ්පාදකයන් සමඟ අද (30) පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

නීත්‍යනුකූලව ආනයනය කෙරෙන බීඩි කොළවලට වඩා වැඩි ප්‍රමාණයක් නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන එන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

එමෙන්ම 2023 වසර තුළ මෙරටට ආනයනය කර ඇති බීඩි කොළ ප්‍රමාණය කිලෝ 323,389ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සියලු බදු අය කළ පසු ඉන් ලබා ඇති ආදායම රුපියල් බිලියන 03ක් පමණක් බවයි සඳහන් කළේ.

එහෙත් රට තුළ බීඩි කොළ කිලෝග්‍රෑම් ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් සංසරණය වන බව අනුමාන කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බදු පහත හෙළීම මඟින් නීතිවිරෝධී බීඩි කොළ ආනයනය අවම කර ගත හැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඊට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නා.

ඒ අනුව බීඩි කොළ කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් අවම වශයෙන් නීත්‍යානුකූල මාර්ගය ඔස්සේ ආනයනය කළ හොත් රුපියල් බිලියන 07ක පමණ බදු මුදලක් රජයට අයකර ගත හැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.