― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමල්ලිගේ දැරියට හදි කළ මහප්පාට වසර 50ක් සිර දඬුවම්

මල්ලිගේ දැරියට හදි කළ මහප්පාට වසර 50ක් සිර දඬුවම්

තම බාල සහෝදරයාගේ 10 හැවිරිදි දියණියට අවස්ථා තුනකදී බරපතළ ලිංගික අතවර කළ වැඩිමල් සොහොයුරාට (මහප්පා) වසර 50ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි විසිනුයි මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ නියෝගය ලබා දී ඇත්තේ.

මෙම පුද්ගලයා 10 හැවිරිදි දැරියකට අවස්ථා තුනකදී බරපතල අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා තුනක් ලබා සිටි අතර එකී චෝදනා තුනටම වරදකරු බවටයි අධිකරණය තීන්දු කර තිබෙන්නේ.

ඒ අනුව පළමු චෝදනාවට වසර 20ක් ද, දෙවන චෝදනාවට වසර 20 ක් ද සහ තුන් වන චෝදනාවට වසර දහයක් ද බැගින් මෙම වසර පනහක බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කර තිබෙනවා.

මෙම පනස් වසරක සිර දඬුවම වසර විස්සකදී එකවර ගෙවී යා යුතු බවටයි විනිසුරුවරිය තවදුටරත් නියෝග කරනු ලැබුවේ.

ඊට අමතරව පැමිණිලිකාර වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ විනිසුරුවරිය එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිර දඬුවමක් ද නියම කළාය.

චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් පහළොස් දහස බැගින් දඩ මුදල් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක සිර දඬුවමකට ද යටත් කළාය.