― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅපේ රටේ තියෙන්නේ ඒකාධිපති පාලනයක්

අපේ රටේ තියෙන්නේ ඒකාධිපති පාලනයක්

මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් බවත් ඒ තුළ මර්දනය, ගර්ජනය, හිරිහැර පහරදීම් ප්‍රචලිත වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 75 වැනි අදියර යටතේ මාතර අතුරලිය ජේ ආර් එස් අල්මේදා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර කට්ටලයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ලක්ෂ 220 ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය මහපාරට බහින විට රාජ්‍ය කේන්ද්‍රීය ත්‍රස්තවාදය, මිලේච්ඡත්වය, පහරදීම් සිදුවූ බවත් ඒවා නූතන ශ්‍රී ලංකාවට නොගැලපෙන බවත්ය.

භාෂණයේ, දේශපාලනය කිරීමේ, පාදයාත්‍රා යාමේ, වර්ජනය කිරීමේ නිදහස සෑම පුද්ගලයකුටම හිමි අයිතිවාසිකමක් වුවත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තන්ත්‍රයක් නොව ඒකාධිපති රාජ්‍ය තන්ත්‍රයක් බවයි ඔහු එහිදී කියා සිටියේ.