27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsICC මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ICC මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහනක් තබමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

අමාත්‍යවරයා දක්වා ඇති X පණිවුඩයේ දැක්වෙන්නේ එළඹෙන ජූලි මස 19 සිට 22 දක්වා ICC වාර්ෂික මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වෙන බවයි.

එමගින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට විශාල ශක්තියක් සැපයෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.