27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊසි කෑෂ් හරහා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැට

ඊසි කෑෂ් හරහා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැට

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඊසි කෑෂ් සහ එම් කෑෂ් වැනි ක්‍රමවේදයන් යොදා ගන්නා බවට ලැබී ඇති තොරතුරු අනුව එම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට බුද්ධි නිලධාරීන්ගේ සහාය ඇතිව දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ඊයේ (31) සවස 04 සිට රාත්‍රී 08ට දක්වා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරුණා.

එහිදී ඊසි කෑෂ් සහ එම් කෑෂ් මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131 ක්, රිලෝඩ් සහ බිල්පත් ගෙවීම් ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හඳුනාගත් වාණිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202 ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකරනු ලැබුවා.

මෙම මෙහෙයුම්වලදී පුද්ගලයින් 316 දෙ⁣නෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් විසිදෙනෙකු සහ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් එකොළොස් දෙනෙකු සිටින බවට හඳුනාගෙන ඇති බවද පොලිස් මූලස්ථානය පැවසුවා.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම ඔවුන් විසින් නීති විරෝධීව උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට කටයතු කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරත් සදහන් කරන්නේ.