23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය ලේකම්ගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි

සෞඛ්‍ය ලේකම්ගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් ඊයේ (31) පැය 10ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවයි මෙලෙස ඔහුගෙන් පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කර ඇත්තේ.

හදිසි මිලදී ගැනීම්වලට මුවාවී ව්‍යාජ ලේඛන සකස්කරමින් ප්‍රමිතියෙන් තොර එන්නත් මාත්‍රා සැපයීම, මිලදීගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.