29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෝටල් කාමරයක තරුණයෙකුගේ මළ සිරුරක්

හෝටල් කාමරයක තරුණයෙකුගේ මළ සිරුරක්

හෝටල් කාමරයක නවාතැන් ගත් පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මිය ගොස් තිබෙනවා.

හික්කඩුව පොලිස් වසමේ ගාලු පාර, වෑවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගත් වයස අවුරුදු 27ක පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හෝටලයේ කාමරයක සිටි මරණකරුගේ ප්‍රතිචාරයක් නොමැතිවීමෙන් හෝටල් කළමණාකාරිත්වය විසින් හික්කඩුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී පොලිසිය සහ හෝටල් සේවකයින් විසින් අදාළ පුද්ගලයා නවාතැන් ගෙන සිටි කාමරයේ ජනේලයක් විවෘත කර බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නාන කාමරය තුළ එම තරුණයා මියගොස් ඇති අයුරු දැක තිබෙනවා.

මරණකරු වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචි අයෙක්. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කරනු ලබනවා.