― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsනීතිවිරෝධීව කරුවල කොටන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව කරුවල කොටන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

අති දුර්ලභ කරුවල කොටන් තොගයක් හොරොව්පොතාන පරංගියාවඩියේ සිට ගාල්ල දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී හොරොව්පතාන ⁣රථවාහන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ කැබිතිගොල්ලෑව අධිකරණයේ පිස්කල්වරයෙකු ලෙස සේවයේ නියුතු පුද්ගලයෙකුට අයත් මෙම කොටන් තොගයේ වටිනාකම ලක්ෂ 10කට ආසන්න බවයි.

බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරන බවට හොරොව්පතාන රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

ඒ අනුව හොරොව්පොතාන හා කහටගස්දිලිය පොලිස් වසම් දෙකෙහි මායිම වන ගුරුගල් හන්දිය ප්‍රදේශයේ ඊයේ (01) හදිසි රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර එහිදී සැක සිතී පොලීසිය විසින් මෙම ලොරි රථය පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී කුකුල් පොහොර ප්‍රවාහනය කරන මුවාවෙන් ඉතා සූක්ෂම ආකාරයෙන් කුකුල් පොහොර මිටි යට සඟවා තිබූ කරුවල කොටන් තොගය හමු වී තිබෙනවා.

ලොරි රථයේ රියදුරු සහ රිය සහයක ⁣අත්අඩංගුවට ගෙන හොරොව්පතාන පොලිසියට භාර දී ඇති අතර එහිදී ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට පත්වූ දෙදෙනා දැව ප්‍රවාහනය කිරීම සඳහා පැමිණි අය බවත් දැව තොගයේ අයිතිකරුවන් වෙනත් කාර් රථයකින් පලා ගිය බවත්ය.

ඒ අනුව දැනට කැබිතිගොල්ලෑව අධිකරණයේ පිස්කල්වරයෙකු ලෙස සේවයේ යෙදී සිටින තිරප්පන්කඩවල, හොරොව්පතාන ලිපිනයේ පදිංචි අජිත් නැමැත්තකු හා තිරප්පන්කඩවල ලිපිනයේහි පදිංචි අසංක හා ධර්මේ නැමති තිදෙනෙකු පිළිබඳව කරුණු අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් දැව තොගය පරංගියාවාඩියේ සිට ගාල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි අතරවාරයේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.