28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවව්නියාව බන්ධනාගාරයෙන් සැකකරුවෙක් පළායයි

වව්නියාව බන්ධනාගාරයෙන් සැකකරුවෙක් පළායයි

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි සැකකරුවෙකු ඊයේ අලුයම පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත නෙළුන්කුලම පොලිසිය විසින් පසුගිය 26 වැනිදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

28 හැවිරිදි සැකකරු වවුනියාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වවුනියාව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පසුගිය 29 වැනිදා ඔහු බන්ධනාගාරය තුළදී අසනීප වීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් භාරයේ වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු පෙරේදා (31) පෙරවරු 6.00ට වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලෙන් පැන ගොස් තිබුණා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට වවුනියාව පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් විමර්ශන අරඹා තිබෙනවා.