27.2 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කළ අයෙක් අල්ලයි

මාතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කළ අයෙක් අල්ලයි

මාතර බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය විසි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පැවසුවේ එලෙස විසිකළ පාර්සලයේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට්ටුවක්, සිම්පතක්, ලයිටර් සහ ජංගම දුරකථන බැටරි දෙක බැගින් සහ දුම්කොළ 10 ක් සොයාගත් බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මාර්ගයේ සිට බන්ධනාගාරය තුළට යම් පාර්සලයක් විසි කර ඇති අතර එම පාර්සලය විසි කළ පුද්ගලයා රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයේ නිලධාරින් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා මාතර මූලස්ථාන පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශන ආරම්භ කර තිබෙනවා.