― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsයුක්තියෙන් තවත් අපරාධකරුවන් 703ක් කොටු

යුක්තියෙන් තවත් අපරාධකරුවන් 703ක් කොටු

දිවයින පුරා ගෙවුණු පැය 24 තුළ සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 703 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 525ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 178ක් ඇතුළත් වනවා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 204ක්, අයිස් ග්‍රෑම් 118ක්, ගංජා කිලෝ 03 ග්‍රෑම් 100ක්, ගංජා පැල 2,840ක්, මාවා කොලෝ 03 ග්‍රෑම් 190ක්, මදනමෝදක ග්‍රෑම් 77ක් සහ මත්පෙති 477ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 525 දෙනා අතරින් එක් සැකකරුවෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 06 දෙනෙක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 04 දෙනෙක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි පොලීසිය පැවසුවේ.

එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 178 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 156 ක්ද ඒ අතරට අයත් වනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ අපරාධවලට අවශ්‍ය කර සිටි සැකකරුවන් 09ක් ද මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.