― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsශ්‍රී ලංකා - ඇෆ්ගන් මංගල ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – ඇෆ්ගන් මංගල ටෙස්ට් තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වයට පත්වීමෙන් පසු මෙහෙයවනු ලබන පළමු තරගය ද මෙයවීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සංචිතය මෙම තරගයට නවක ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් සමන්විතව එක්වන අතර ඇෆ්ගනිස්ථානය මෙම තරගයට එක්වන්නේ ඔවුන්ගේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් නොමැතිවයි.

මේ අතර බොහෝදුරට කණ්ඩායම් දෙකම අමතර වේග පන්දු යවන්නෙකු සමඟ අද තරගය සඳහා එක්වීමේ වැඩි අවස්ථාවක් පවතිනවා.

අද (02) පෙරවරුවේ ආරම්භ වන මෙම තරගය නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන කුසලානය එළිදැක්වීම දෙපිළේම නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකෙරුණා.