― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගසකට යට වී හිටපු තැපැල් ස්ථානාධිපති ජීවිතක්ෂයට

ගසකට යට වී හිටපු තැපැල් ස්ථානාධිපති ජීවිතක්ෂයට

ගසක් කැපීමට යාමේදී ඊට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල, අතුපාරයායේ පදිංචි හිටපු තැපැල් ස්ථානාධිපතිවරයෙක් බවයි.

ඩබ්ලිව්. එම්. ජයසේන නැමැති වයස අවරුදු 73ක පුද්ගලයෙක් මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කපන ලද ගසක් බිම දැමීමට කඹයක් ආධාරයෙන් ඇදීමට යාමේ දී මෙම පුද්ගලයා ගසට යට වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.