― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජනපති බුදුරුවගල සිසුන්ට දුන් පොරොන්දුව ඉටුකරයි

ජනපති බුදුරුවගල සිසුන්ට දුන් පොරොන්දුව ඉටුකරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසුන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් එම පාසල වෙත ප්‍රදානය කිරීම පෙබරවාරි 09 වැනිදා එම විදුහලේදී සිදු කෙරේ.

පසුගිය නොවැම්බර් 03 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොණරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගණයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදීයි සිසුන් විසින් මෙම ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් සිදු කරනු ලැබුවේ.

එම අවස්ථාවේ හෙලිකොප්ටර් යානය අසළට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහදශීලි කතාබහක නිරත වීමටද පාසලේ දරුවන්ට හා ගුරුවරුන්ට අවස්ථාව හිමි වුණා.

එහිදී පාසලේ පවතින සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර එම ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයා හැකි ඉක්මනින් ඒ පිළිබඳව කටයුතු කරන ලෙසයි අදාළ නිලධාරීන්ට ඒ අවස්ථාවේදීම උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදි සංගීත භාණ්ඩ රැසක් ප්‍රදානය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.