27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගසක අත්තක් නිසා සිසුවෙක් නොඑන ගමන් යයි

ගසක අත්තක් නිසා සිසුවෙක් නොඑන ගමන් යයි

නෝර්වුඩ් පොලිස් ස්ථානයට අයත් ප්‍රදේශයේ ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ 14 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නෝර්වුඩ් දෙමළ විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පිරිමි ළමයෙකි.

පෙරේදා මෙම සිසුවා කොණ්ඩය කැපීම සඳහා ගොස් සිටියදී ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මහනුවර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදීයි මියගොස් ඇති අතර මෘත ශරීරය නාවලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

මොහුගේ මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.