28.4 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදේ ගසාගෙන ගිය 06 කගේ දිවි බේරා ගනියි

මුහුදේ ගසාගෙන ගිය 06 කගේ දිවි බේරා ගනියි

ඊයේ (04) දිනයේදී මුහුදේ ගසාගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ (සය දෙනෙකුගේ) ජීවිත බේරා ගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත් වී තිබෙනවා.

රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි චාල්ස් ඇන්තනී (20), සෙල්වරාජා සන්තෝෂ් (16) , ෆැන්සීස් විනෝද් (16) යන තරුණයන් තිදෙනා සහ සන්තුරුක්සන් රුක්සිකා (16), මොහන්දාස් දිනූෂා (15) සහ පරදන් දිනූසිකා (16) නමැති තරුණ තරුණියන්ගේ ජීවිත මෙලෙස බේරා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොවුන් සයදෙනා ඊයේ (04) පානදුර වෙරළට පැමිණ විනෝද වී, පසුව දිය නාමින් සිට ඇති අතර විශාල රළ පහරකට හසුව දියඹ දෙසට ඇදී ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර ඒ අනුව සැරයන් සුසන්ත සහ කොස්තාපල් දේශාන් පළමුව ජීවිත ආරක්ෂක ටියුබ් රැගෙන දියට පැන තිබෙනවා.

පසුව ඒ ආසන්නයේ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීයාද දියට පැන ඔවුන්ගේ දිවි බේරා ගැනීමට සහය වී තිබෙනවා.