28.4 C
Colombo
Tuesday, May 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentත්‍රිරෝද රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

කල්පිටිය – පාලවිය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කල්පිටිය – පාලවිය මාර්ගයේ කුරිංචිපිට්ටි ප්‍රදේශයේ ඊයේ (04) සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් හයදෙනෙක් තුවාල ලබා ඇති බවයි.

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයක් පුත්තලම ප්‍රදේශයේ පැවති නිදහස් දින සැමරුම් උත්සවයකට ගොස් නැවත පැමිණෙමින් තිබූ එකක් බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කර යවා තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කල්පිටිය, මණ්ඩලකුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි.