― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපෙනහළු පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

පෙනහළු පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා වාර්තා වූ පිළිකා රෝගීන් පිළිබඳව විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේදී රටවල් 185ක් යොදා ගනිමින් සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ලොව පුරා වාර්තා වූ පිළිකා රෝගීන් අතරින් බහුලවම වාර්තා වී ඇත්තේ පෙනහළු පිළිකා බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ප්‍රධාන වශයෙන් හඳුනාගත් පිළිකා රෝගීන් අතර පියයුරු පිළිකා සහ මහබඩවැල ආශ්‍රිත පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්ද පෙන්නුම් කරන බවයි.

එම සමීක්ධණ වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 2.5ක් හඳුනාගෙන ඇති බවත් එම වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20ක් සහ මරණ මිලියන 9.7ක් වාර්තා වී ඇති බවත්ය.