― political ―

රනිල් නත්තල් සීයා වගේ පොරොන්දු දිදී යනවා – තිස්ස

මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ නත්තල් සීයා වගේ එක එක දේවල් දෙනවා කියා පොරොන්දු දිදී යන බවත් සමගි...
HomeHot Newsඅනුර කුමාර ඉන්දියානු සංචාරයක

අනුර කුමාර ඉන්දියානු සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (05) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි. 284 දරණ ගුවන් යානයෙන් අද (05) අලුයම 04.41ට ඉන්දියාව බලා පිටත්ව ගිය බවයි.

ඔහු ඇතුළු සිව්දෙනෙක් මෙම නිල සංචාරය සඳහා අද (05) අලුයම නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සංචාරය සදහා අනුර කුමාර දිසානායක සමඟ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන අය එක්ව සිටිනවා.