27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් ළමුන්ට මත්ගුලි අලෙවි කළ අයෙක් දැලේ

පාසල් ළමුන්ට මත්ගුලි අලෙවි කළ අයෙක් දැලේ

මොණරාගල ප්‍රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ගුලි අලෙවි කළ වෙළෙඳසැලක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල නගරයේ බස්නැවතුම්පොල ආසන්න ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඖෂධ නිෂ්පාදන අලෙවි සැලක් මුවාවෙන් මෙම වෙළදසැල පවත්වාගෙන ගොස් ඇති අතර එම ස්ථානයේ තිබී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුතු මත්ගුලි තොගයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මැද මහනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයකු වන අතර සැකකරු අද (10) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොඨ්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.