― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපොහොට්ටුවේ අපේක්ෂකයා නියම වෙලාවට කරළියට ගේනවා

පොහොට්ටුවේ අපේක්ෂකයා නියම වෙලාවට කරළියට ගේනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියම වෙලාවට ජනාධිපති අපේක්‍ෂකයා කරළියට ගෙන එන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පවසනවා.

මන්ත්‍රීවරයා අද (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

අපේ රටේ අවාසනාවට සාම්ප්‍රදායික මාධ්‍යට එහා ගිය සම්ප්‍රදායික නොවන මාධ්‍ය මේ වනවිට නඩු විභාග කරන වගකීම භාරගෙන තිබෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට වරදකරුවෙක් වෙනතුරු ඕනෑම අයෙක් සැකකරුවෙක් පමණක් බව අධිකරණය පිළිගන්නා බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.