― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅවලෝකිතේෂ්වරට ඇප

අවලෝකිතේෂ්වරට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අවලෝකිතේෂ්වර බෝධිසත්වයින් වශයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහු අද (07) කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අවලෝකිතේෂ්වර මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙසයි.

ඒ අනුව සැකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා නියෝග ඇත්තේ සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන මානසික වෛද්‍ය සායනය සඳහා ඔහු ඉදිරිපත් විය යුතු බවයි.