― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් පාරෙන් ගේන්න හැදූ මත්පෙති ලක්ෂ 07ක් අල්ලයි

හොරෙන් පාරෙන් ගේන්න හැදූ මත්පෙති ලක්ෂ 07ක් අල්ලයි

ඉන්දියාවේ රාමනාදපුරම් සිට නීතිවිරෝධීව ලංකාවේ උතුරු මුහුදු තීරයට රැගෙන යාමට උත්සාහ කළ මත්පෙති ලක්ෂ 07 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාමනාදපුරම් පොලීසිය පැවසුවේ ඊයේ (06) පුදුමඩම් මුහුදු තීරයේදී ගමන්ගත් සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී යාත්‍රාව තුළ සූක්ෂමව සඟවා තිබූ අදාල මත්පෙති තොගය සොයාගැනීමට හැකි වූ බවයි.

එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අදාළ මත්පෙති තොගය මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදට රැගෙන ගොස් ජාවාරම්කරුවන්ට විකිණීමට සැලසුම් කර තිබූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පෙති තොගය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රාමනාදපුරම් පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන තිබුණා.